අයිස් කිලෝ 03ක් සමඟ පුද්ගලයෙක් පුත්තලමේ දී කොටුවෙයි

අයිස් කිලෝ 03ක් සමඟ පුද්ගලයෙක් පුත්තලමේ දී කොටුවෙයි

November 9, 2025   04:07 pm

පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03ක් පමණ සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පුත්තලම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.