දියණියව ඝාතනය කර පියත් සියදිවි නසාගෙන
November 7, 2025 10:28 pm
තම බිරිඳ වෙනත් පිරිමියෙකු සමඟ පලා යාමෙන් පසු සිව් හැවිරිදි දියණිය ද ඝාතනය කර පියා ද සිය දිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
අදාළ කාන්තාව නිවසින් පිටව යාමට පෙර සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමාට ඔහු සමග ජීවත් විය නොහැකි බවත් දික්කසාද වීමට අවශ්‍ය බවත් ය.
කෙසේ වෙතත් සැමියා විසින් බිරිඳ අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර පොලීසියට ගොස් නිවසට පැමිණෙන අතරතුර මෙසේ සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
ඔහු සිය දියණිය අවන්හලකට රැගෙන ගොස් ඇය ප්‍රිය කරන ආහාර ද ඇයට රැගෙන දී ඇති අතර ඇය එම ආහාර අනුභව කිරීමෙන් පසුව වාහනය තුළදීම ගෙල සිර කර මරා දමා ඇති බව එරට පොලීසිය සඳහන් කර සිටී.
පසුව ඔහු ද ඒ ආසන්නයේ ගසක ගෙළ වැළලාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දියණියගේ සිරුර පාරෙහි අතහැර දමා ගිය මෝටර් රථය තුළ තිබී හමු වූ බවත් පියාගේ සිරුර අසල ගසක එල්ලී සිටියදී සොයා ගෙන ඇති බවත් ය.
