මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

November 7, 2025   09:47 pm

මත්කරල් 400ක් සමග සැකකරුවකු එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක් වන එගොඩඋයන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එගොඩඋයන පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම මත්කරල් තොගය සොයා ගෙන ඇත.

අදාළ සැකකරු කලක පටන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. 

එමෙන්ම මෙම සැකකරුට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක් පවතින බව පොලීසිය සඳහන් කළේය.