පාකිස්තානු තරග සංචාරය සඳහා ශ්‍රී ලංකාව නොවැ. 8 දිවයිනෙන් පිටත්ව යයි

පාකිස්තානු තරග සංචාරය සඳහා ශ්‍රී ලංකාව නොවැ. 8 දිවයිනෙන් පිටත්ව යයි

November 3, 2025   06:54 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම එලැඹෙන නොවැම්බර් 8 වනදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය. 

එහිදී පාකිස්තානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර එක්දින තරගාවලියක් සහ ඉන් පසුව පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වන විස්සයි20 තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇත.