යාපනය විශ්වවිද්‍යාලයෙන් ගිනි අවියක් ඇතුළු ආයුධ කිහිපයක් තිබී හමුවෙයි

යාපනය විශ්වවිද්‍යාලයෙන් ගිනි අවියක් ඇතුළු ආයුධ කිහිපයක් තිබී හමුවෙයි

October 31, 2025   09:14 am

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තිබී ආයුධ කිහිපයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබියදී මෙම මැගසින් හමුව ඇති අතර, එම ස්ථානයේ තිබී වයර් රෝලයක්ද හමුව ඇත.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය කෝපායි පොලිසියට දැනුම්වත් කර තිබේ. 

පසුව විශේෂ කාර්ය බලකාය දැනුවත් කර එම ප්‍රදේශය විශේෂ පරීක්ෂාවකටද ලක් කිරීමට පියවර ගෙන ඇත.

එහිදී T-56 ගිනි අවි දෙකක්, මැගසින් දෙකක්, බෝම්බ 2ක් සහ වෛද්‍ය උපකරණ කිහිපයක්ද ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබුණි

කෝපායි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.