නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

October 29, 2025   09:00 am

නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ.

අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ තුනක් ද යොමු කර තිබේ.