අයෝමාල් අකලංකගෙන් රිදී පදක්කමක්
October 26, 2025 05:21 pm
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති මීටර 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් අකලංක සමත් විය.
ඔහු තත්. 50.29කින් සිය ඉසව්ව අවසන්කර මෙම පදකක්ම දිනාගත්තේය.
මෙහි අවසන් මීටර කිහිපය දක්වාම ඉදිරියෙන් සිටීමට අකලංක සමත් වුවත්, අවසන් මොහොතේ දී රන් පදක්කම ඔහුගෙන් ගිලිහී ගියේය.
ඉන්දීය ක්‍රීඩකයා මෙහිදී තත්. 50.10කින් තරගය අවසන්කර රන් පදක්කම දිනාගැනීමට සමත් විය.
මේ අතර මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමටද ඉන්දියාව සමත් විය.
