මෙක්සිකෝවේ ගංවතුරෙන් මියගිය ගණන 78 දක්වා ඉහළට

මෙක්සිකෝවේ ගංවතුරෙන් මියගිය ගණන 78 දක්වා ඉහළට

October 23, 2025   03:06 pm

මෙක්සිකෝවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හටගත් ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 78 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එරට බලධාරීන් සඳහන් කළේය.

අයහපත් කාලගුණයෙන් එරට ප්‍රාන්ත 5කට බලපෑම් එල්ල වූ අතර පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සහ හානියට පත් ගොඩනැගිලි යළි ඉදිකිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 580ක සහන පැකේජයක් මෙක්සිකානු රජය විසින් අනුමත කර තිබේ.