මරණ දණ්ඩනය නියම වූ පාසල් සිසුන් 05ක්
October 23, 2025 01:02 pm
මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය මෙරට අනාගත පරපුර විනාශ කරමින් සිටින බවය.
නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා මෙම අදහස් පල කළේය.
"එල්ලා මරන්න නියමිත පිරිමි ඉන්නවා බන්ධනාගාරය තුළ 805ක්. එල්ලා මරන්න නියමිත ගැහැනු ඉන්නවා 21ක් ඉන්නවා. 805න්, එල්ලා මරන්න නියමිත පාසල් සිසුන් 5දෙනෙක් ඉන්නවා. දකුණ තමයි පාතාල ක්‍රියාකාරකම්වලින් අංක එකට ඉන්නේ. මට හිතාගන්න බැරි මෙච්චර උගත් සමාජයක් කොහොමද කුළියට මිනී මරණ සමාජයක් බවට පරිවර්තනය වුණේ. කොහොමද මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙනල්ලා මේ රට වනසන තැනට ඒ මිනිස්සු ගෙනාවේ. ඒ හැමදේකටම මුල මේ රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ. අනිවාර්යයෙන්ම එල්ලා මැරිය යුතුයි. මොකද ඔවුන් විනාශ කරන්නේ ජාතියක්. ඒ නිසා නිරන්තරයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එල්ලා මැරිය යුතුමයි. ඒක පවක් නැහැ."