නේවාසික පහසුකම් නොමැතිව දුක්විඳින විද්‍යාර්ථයින්
October 20, 2025 10:19 pm
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ , ව්‍යවහාරික විද්‍යා පීඨයේ, 22/23 කණ්ඩායමේ සිසුන් මේ වන විට නේවාසික පහසුකම් නොමැතිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටියි.
මේ හේතුවෙන් එම සිසු සිසුවියන් අද (2) දිනයේ විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක රැය ගත කිරීමට තීරණය කර තිබේ.
මෙම සිසුන්ට හෙට (21) දියේ දී දේශනවලට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
ආරක්ෂාව, සනීපාරක්ෂාව, සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව සිසුන් දැඩි අපහසුතාවයට ලක් ව තිබේ.
සිසුන් පවසන්නේ අපහසුතා සම්බන්ධයෙන් අදාළ බලධාරීන් මේ වනතේක් කිසිඳු මැදිහත්වීමක් හෝ විසඳුමක් ලබා දී නොමැති බවය.
නේවාසික පහසුකම් නොමැතිකම සිය අධ්‍යාපන කටයුතුවලට විශාල අභියෝගයක් වන බැවින් මේ සඳහා කඩිනම් විසඳුම් බලාපොරොත්තු වන බව සිසුන් වැඩිදුරටත් පවසයි.