සිසුවියක් ඝාතනය කළ ගුරුවරියකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

සිසුවියක් ඝාතනය කළ ගුරුවරියකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

October 20, 2025   08:41 pm

වයස අවුරුදු 08ක සිසුවියක් ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වු දකුණු කොරියානු පාසල් ගුරුවරියකට එරට අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම  කර තිබේ.

ගුරුවරිය විසින් අදාළ සිසුවිය පන්ති කාමරයේ රැඳී සිටියදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය සිසුවියගේ මව්පියන් විසින් ගුරුවරියට එරෙහිව නඩු පවරා දැඩි දඬුවම් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශන වලදී අදාළ පාසල් ගුරුවරිය සියලු චෝදනාවන්ට වරදකාරිය වීම හේතුවෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට අධිකරණය නියෝග කර ඇති බව සඳහන් වේ.

අදාළ ගුරුවරිය මානසික සෞඛ්‍ය ප්‍රථිකාර ලබමින් සිටි අයෙකු බවට ද සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.