ගුවන්තොටේ දී නිකුත් කරන රියදුරු බලපත්‍රයේ ගාස්තුව රු 15000ක් දක්වා ඉහළට

ගුවන්තොටේ දී නිකුත් කරන රියදුරු බලපත්‍රයේ ගාස්තුව රු 15000ක් දක්වා ඉහළට

October 20, 2025   03:41 pm

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2,000 සිට 15,000 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරු ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවය.

නමුත් එම නිවේදනයේ ඩොලර් වලින් ගෙවිය යුතු මුදල සඳහන් ව ඇති බැවින් එය නැවත රුපියල් යනුවෙන් වෙනස් කර, එළැඹෙන සතියේ යළි ගැසට් නිවේදය නිකුත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරරටත් පැවසීය. 

මෙම පහසුකම ඉදිරියේදී විදේශිකයන්ට පමණක් නොවන බවත් වසර ගණනාවකට පසු නැවතත් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ද අදළ ගාස්තු ගෙවා ලබාගත හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

"ප්‍රවාහන අමාත්‍යංශය තීන්දුවක් ගත්තේ අපේ රටට පැමිණෙන විදේශිකයන්ට පමණක් නෙමෙයි ලංකාවෙන් බැහැරව ඉන්නවා ලක්ෂ 35කට ආසන්න ශ්‍රී ලාංකිකයෝ.  එතනත් බහුතරයක් ඉන්නවා ඒ රටවල වසර 10ක් 15කට වඩා වැඩිය ඒ රටවල ජීවත්වන අය. ඒගොල්ලෝ ලංකාවට ආවම එයාලටත් මේ අවශතාවය පැන නගිනවා. සංචාරකයින්ට පමණක්ම නෙමෙයි. රාජතාන්ත්‍රිකව කටයුතු කරන අපේ තනාපති කාර්යිල වල ඉන්න අයටත් ඒ අවශ්‍යතාවය තියෙනවා."  

"ආයෝජකයෝ ගෙන්න ගත්තම, අලුත් ව්‍යාපාර පටන් ගත්තාම ඒ ආයතනවල සේවා සපයන අයටත් ඒ අවශ්‍යතාවය තියෙනවා."  

"ඒ රියදුරු බලපත්‍රය ලබාදෙන්න ගන්න මුදල මදී. රුපියල් 2000ක් වගේ පුංචි ගානක්. අපි ඒක ප්‍රවාහන අමාත්‍යංශයත් එක්ක කතා කළා. එකඟතාවයකට ආවා ඒ මුදල වැඩි කරන්න.

"අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළා ඒ ගැසට් එකේ තියෙන්නේ ඩොලර්ස් වලින්. ප්‍රවාහන අමාත්‍යංශයට නීතිමය හැකියාවක් නෑ ඩොලර්ස් වලින් සල්ලි ගන්න. ඒ නිසා නැවත ගැසට් එක රුපියල්වලට වෙනස් කරන්න ඕනේ. ඒක ලබන සතියේ අඟහරුවාදා වෙනස් කරලා නීතිපතිට ආපහු යවනවා. ඒ කටයුත්ත අවසන් වුණාම ලංකාවට පැමිණෙන ඒ අයට දැනට බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන්  රියදුරු බලපත්‍රයක් ලබා දීමේදී මාසයක කාලයකට පමණක් ලබා ගන්න රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 15,000ක් අයකරනවා. ඒ කියන්නේ ඩොලර් 50ක් අයකරනවා. මාස 2ක් වෙනකොට ඒක තවත් වැඩි කරනවා. මාස 3ක් වෙනකොට තවත් වැඩි වෙනවා. ඒ නිසා රුපියල් 2,000ට ඒ ලබා දීපු ඒක අපි වෙනස් කරලා. ප්‍රවාහන අමාත්‍යංශය එකඟ වෙලා තියෙනවා. විශේෂයෙන්ම රියදුරු සේවයේ ඉන්න අයට තමන්ගේ රැකියාව නැති වෙනවා කියලා බියක් සැකයක් ඇති කරගන්න ඕනේ නෑ. "