ඉන්දියාවේ ලෝක කුසලාන බලාපොරොත්තු තවත් ඈතට
October 19, 2025 11:39 pm
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවති තරගයෙන් ඉන්දියාව පරාජය කර ලකුණු 04ක් තියුණු ජයක් ලැබීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.
මෙම ජයත් සමග එංගලන්තයද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ඒ අනුව ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව සමගින් කණ්ඩායම් 03ක් අවසන් පූර්ව වටයේ සිය ස්ථාන වෙන්කරගෙන සිටියි.
තරගාවලියේ 20වන තරගය ලෙස ඉන්දෝර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 තුළදී ලකුණු 288/8ක් රැස්කිරීමට සමත් විය.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දියාවට පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 284/6ක් පමණි.
මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ ඔස්ට්‍රේලියාවද, දෙවන ස්ථානයේ එංගලන්තයද පසුවෙයි.
දකුණු අප්‍රිකාවට තෙවන ස්ථානය හිමිව ඇති අතර, ඉන්දියාවට 4වන ස්ථානය හිමිව ඇත.