උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කෙරේ

උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කෙරේ

October 19, 2025   10:06 pm

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ අද (19) සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් හෙට (20) උදෑසන උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට,

පෙ.ව. 5.55 - කොළඹ කොටුව සිට බදුල්ල (පොඩි මැණිකේ),

පෙ.ව. 7.00 - කොළඹ කොටුව සිට මහනුවර (නගරාන්තර සීඝ්‍රගාමී),

පෙ.ව. 8.30 - කොළඹ කොටුව සිට බදුල්ල (උඩරට මැණිකේ),

පෙ.ව. 9.45 - කොළඹ කොටුව සිට බදුල්ල (සීඝ්‍රගාමී),

පෙ.ව. 10.35 - කොළඹ කොටුව සිට මාතලේ යන දුම්රිය අවලංගු කර ඇත.

එමෙන්ම බදුල්ල, මාතලේ හා මහනුවර සිට ධාවනය ආරම්භවන දුම්රිය ගමන්වාර කිහිපයක්ද අවලංගු කර තිබේ.

ඒ අනුව,

පෙ.ව. 4.50 - මාතලේ සිට කොළඹ කොටුව

පෙ.ව. 5.00 මහනුවර සිට බෙලිඅත්ත

පෙ.ව. 6.15 මහනුවර සිට කොළඹ කොටුව

පෙ.ව. 8.30 බදුල්ල සිට කොළඹ කොටුව

යන දුම්රියන්ද ධාවනය ද අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

කෙසේවෙතත් මහනුවර සහ බදුල්ල අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ඇත.

ඒ අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 5.30ට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය, මහනුවර දුම්රිය ස්ථානය දක්වා හෙට දින ධාවනය කිරීමට ද සැලසුම්කර තිබේ.