සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි
October 18, 2025 08:55 am
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඉකුත් ඔක්තෝබර් 15වනදා වනවිට මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ.
එම සංඛ්‍යාලේඛන අනුව මෙම මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයින් 75,657ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඒ සමග මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,801,151ක් දක්වා ඉහළ ගියේය.
දිවයිනට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ආසන්නයටම පැමිණ ඇත.
ඉන්දියාවෙන් මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන 396,274කි.
එමෙන්ම එක්සත් රාජධානිය (167,886), රුසියාව (125,950), ජර්මනිය (111,677) සහ චීනය (108,040) යන රටවලින් ලක්ෂය ඉක්ම වූ සංචාරකයින් පැමිණ ඇත.
ඊට අමතර ප්‍රංශය (90,250), ඔස්ට්‍රේලියාව (81,040), නෙදර්ලන්තය (53,922) හා අමෙරිකාව (50,027) යන රටවලින්ද පනස්දහස ඉක්ම වූ සංචාරකයන් මෙම වසරේ දී ශ්‍රී ලංකාව පැමිණ තිබේ.
එමෙන්ම ඉතාලිය (39,932), කැනඩාව (37,606), ස්පාඤ්ඤය (36,430), පෝලන්තය (36,389) යන රටවලින්ද සැලකිය යුතු සංචාරකයන් මෙරටට පැමිණ ඇත.
පසුගිය වසරේ දී ලක්ෂ 20 (2,053,465) ඉක්ම වූ සංචාරකයන් මෙරටට පැමිණ තිබුණි.
අවසන්වරට ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් වාර්තා වූ වසර වන්නේ 2018 වසරය.
එවර ලක්ෂ 23කට (2,333,796) වැඩි සංචාරකයන් පැමිණ තිබුණි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 සීමාව ඉක්මවා ඇත්තේ අවස්ථා 4කදීය.
එනම් 2016, 2017, 2018 හා 2024 යන වර්ෂයන්හිදීය.