රාජාංගන සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
October 17, 2025 06:24 pm
පවතින අධික වර්ෂාපතනය හමුවේ රාජාංගනය ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ වර්ෂාපතනය සමග එම ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යන බැවින් මෙම පියවර ගෙන ඇති බවය.
මේ හේතුවෙන් එම ජල ප්රමාණයන් කළමනාකරණය කර ගැනීම සඳහා රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල බැගින්ද, අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 3 බැගින්ද විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග අධ්යක්ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්. පී.එස්. ඩී හේරත් මහතා සඳහන් කළේය.
මෙහිදී රාජාංගන ජලාශයෙන් තත්පරයට ඝන අඩි 520ක ජල ප්රමාණයක්ද, අංගමුව ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 1790ක ජල ප්රමාණයක්ද පහළ නිම්නයන් වෙත නිකුත් කරන බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව බදුල්ල දිස්ත්රික්කයේ අඹේවෙල සහ බෝඹුරු ඇල්ල ජලාශයද, මොනරාගල දිස්ත්රික්කයේ සුගලා දේවි ජලාශයද, හම්බන්තොට දිස්ත්රික්කයේ දෙබරවැව ජලාශයද සුළු මට්ටමින් වාන් දමමින් පවතින බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
----------------------------------------------
රාජාංගනය සහ අංගමුව ජලාශ අවට පහත්බිම්වල වෙසෙන ජනතාවට දැනුම්දීමක්
වැව් පෝෂක ප්රදේශයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්වය මත හා ඉදිරියේ ඇති විය හැකි කුණාටු තත්ත්වය මත රාජාංගනය ජලාශයේ වාන් දෙරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ ජලාශයේ ජල ස්ථායි මට්ටමක පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගනු ලබන බවය.
මේ අතර අංගමුව ජලාශයේද වාන් මට්ටමට ලඟා වෙමින් පවතින බැවින් එහි දොරටුද විවෘත කිරීමට සිදුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව කලාඔය පහළ ප්රදේශවල වෙසෙන ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් යුතුව සිටින ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.