නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

October 17, 2025   04:57 pm

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය පැවසුවේ අද (17) පස්වරු 4 සිට හෙට පස්වරු 04 දක්වා වූ කාලය තුළ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක වන බවය. 

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ - හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ - නෙළුව, ගම්පහ දිස්ත්‍රික්කයේ - අත්තනගල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ - දොළුව, උඩුනුවර, දෙල්තොට, කෑගල්ල දිස්ත්‍රික්කයේ - කෑගල්ල, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රඹුක්කන, යටියන්තොට, අරණායක, රුවන්වැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ - අලව්ව, රිදීයගම, මාතලේ දිස්ත්‍රික්කයේ - අඹන්ගඟ කොරළය, පල්ලේපොල, රත්තොට, උකුවෙල, යටවත්ත, මොනරාගල දිස්ත්‍රික්කයේ - මැදගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ - හඟුරක්කෙත, අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ - ඉඹුල්පේ, කලවාන, ඇහැලියගොඩ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.