ඔක්තෝබරයේ මුල් දින 9ට සංචාරකයින් 46,868ක් මෙරටට
October 11, 2025 05:54 pm
ඔක්තෝබර් මාසයේ මුල් දින 09 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 46,868ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ඔක්තෝබර් මාසයේ මුල් දින 09 තුළ දී ඉන්දියාවෙන් සංචාරකයින් 14,221ක් පැමිණ ඇති අතර එය 30.3% කි.
තවද, එක්සත් රාජධානියෙන් 3,171ක්, ජර්මන් 2,652ක්, චීනයෙන් 4,416ක් සහ බංග්ලාදේශය ජාතිකයින් 2,158ක් ද ඔක්තෝබර් මාසයේ මුල් දින 09 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ඔක්තෝබර් 09 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,772,362කි.
ඒ අතරින් සංචාරකයින් 389,513ක් ඉන්දියාවෙන්, 124,113ක් රුසියාවෙන් සහ 165,064ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.