ආචාරධර්ම උල්ලංඝනය කළ නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසිකරයි
October 11, 2025 12:44 pm
නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මහනුවරප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නීතිඥ භාවය අහෝසිකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
විශ්‍රාමිකමේජර් ඩබ්ලිව්. එස්.එල්.එස්. පලිපාන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු පැවසීය.
2006 වසරේ මාර්තු මස පළමු වනදා සහ 2007 වසරේපෙබරවාරි මස 15 වන දා නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා තමන් විසින් වගඋත්තරකාර නීතිඥවරයාව පත් කරගෙන තිබූ අතර එම සේවාව වෙනුවෙන්රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලූ ඔහුට අත්තිකාරම් වශයෙන් රුපියල් 50,000 මුදලක් ලබාදුන් බව පෙත්සම්කරු සඳහන් කර තිබේ.
කෙසේවෙතත් පොරොන්දු වූ පරිදි වගඋත්තරකාරනීතිඥවරයා සිය සේවාව ඉටු නොකිරීම හේතුවෙන් තමන් විසින් ලබාදුන් ලේඛන හා මුදල්ආපසු ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකළ ද ඒවා භාරදීම නීතිඥවරයාපැහැර හැරීම හේතුවෙන් 2008 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ පෙත්සමක් ගොනුකිරීමට පෙත්සම්කරු කටයුතු කර තිබුණි.
ඒ අනුව අදාළ නඩුව දීර්ඝලෙස විභාගකිරීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතාපැවසුවේ මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකරු නීතිඥ වෘත්තීයේ ගෞරවයට දැඩි හානියක් සිදු කර ඇති බවය.
නීතිය ක්‍රියාත්මක කිරීම යනුපුද්ගලික වාසි තකා සූරාකෑමට ඇති වරප්‍රසාදයක් නොවන අතර නීතිඥ වෘත්තිය හුදෙක් වෘත්තියක් නොව ගෞරවනීය මහජන විශ්වාසයක් බව විනිසුරුවරයා සඳහන් කළේය.
චෝදනාවට වරදකරු වූ නම් එම නීතිඥවරයාගේ නම නීතීඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝග කර තිබේ.