චීනයේ පළමු ශ්‍රී ලංකා අවහන්හල බෙයිජිං හි විවෘත කෙරේ

චීනයේ පළමු ශ්‍රී ලංකා අවහන්හල බෙයිජිං හි විවෘත කෙරේ

October 11, 2025   12:08 pm

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සියලු සාම්ප්‍රදායික ආහාර පානාදිය සමඟින් ශ්‍රී ලාංකික අවන්හලක් චීනයේ බෙයිජිං හිදි පසුගියදා විවෘත කෙරිණි.

මෙය චීනයේ විවෘත කළ මුල්ම ශ්‍රී ලාංකික අවන්හල වීම ද විශේෂත්වයකි.

‘සින්නාරා’ ලෙසින් නම් කර ඇති එම අවන්හලෙහි හිමිකරු වන්නේ, චීනයේ පදිංචි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන චිරන්ජය උඩුමුල්ලගේ මහතායි.

මෙම අවන්හල විවෘත කරන ලද්දේ චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා ඇතුලු අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙනි.

ශ්‍රී ලාංකේය සංස්කෘතියට ආවේණික වූ ආහාර රසයන් සහ විවිධ ආහාර වර්ග චීන ජාතිකයන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති මෙම අවන්හල, බෙයිජිං නගර මධ්‍යයේ Chaowai මාවතේ පිහිටි සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලක පිහිටා තිබේ.