ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රි ලංකාව ඉදිරියට
October 10, 2025 04:38 pm
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබේ.
ඒ ඊයේ (09) කොළඹ තුරග තරග පිටියේ පැවති ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ තරගයකදී ටර්ක්මේන්ස්තානය ගෝල 1-0ක් ලෙසින් පරාජයට පත් කිරීම හේතුවෙනි.
ටර්ක්මේන්ස්තානයට එරෙහිව ශ්‍රි ලංකාව වාර්තා කළ පළමු පාපන්දු ජයග්‍රහණ්‍ය ලෙසින් ද මෙය වාර්තා අතරට එක්වීම විශේෂත්වයකි.
මෙම ජයග්‍රහණය හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ පියවර 6ක් ඉදිරියට ලගා වීමට ශ්‍රි ලංකාවට හැකියාව ලැබී ඇත.
ඒ අනුව ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 191 වැනි ස්ථානය හිමි කරගෙන තිබේ.
එසේම මෙම පරාජය හේතුවෙන් ටර්ක්මේන්ස්තානය 143 වන ස්ථානය දක්වා පියවර 5කින් පහළට ඇද වැටී ඇත.