මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමග කාන්තාවක් ඇතුළු 2ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමග කාන්තාවක් ඇතුළු 2ක් අත්අඩංගුවට

October 8, 2025   10:26 pm

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් අද (8) පස්වරුවේ කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ දී නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව හෙරෙයින් කිලෝ 9ක්, අයිස් කිලෝ 2 හා හෑෂ් 1ක් තිබී සොයාගෙන තිබේ.

නුවරඑළිය අපරාධ විමර්ශන කොට්ඨසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, ඔවුන් විසින් සැකකරුවන්ව කඩවත පොලීසිට භාරදී ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාවට වයස අවුරුදු 32ක් බවත්, පිරිමි පුද්ගලයාට වයස අවුදුරු 26ක් වන බවත් පොලීසිය පැවසීය.

ඔවුන් හෙට (9) දිනයේ දී මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.