ශ්‍රී ලංකා රග්බි නව සභාපති පවිත්‍ර ප්‍රනාන්දු
October 8, 2025 04:44 pm
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු රග්බි නායක පවිත්‍ර ප්‍රනාන්දු මහතා තේරී පත්විය.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම අද (8) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, එහිදී ඔහු මේ සඳහා නිර්දේශ විය.
අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම වරින් වර ප්‍රමාද වී තිබුණි.