මනූෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය කල්යයි
October 8, 2025 02:06 pm
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ගොනුකර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 14 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමකළේය.
මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
ඉකුත් රාජයේ සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂි ඇප ලබා දෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.