අත්අඩංගුවට ගත් මහින්දගේ PSO අධිකරණයට රැගෙන එයි

අත්අඩංගුවට ගත් මහින්දගේ PSO අධිකරණයට රැගෙන එයි

October 2, 2025   01:25 pm

Update

October 2, 2025   03:50 pm

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇත.

අල්ලස් කොමිසම නිලධාරීන් පිරිසක් විසින් ඔහුව අධිකරණයට රැගෙන ආවේය.

අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් මොහු අත්අඩංගුවට ගනුලැබීය.

------------------------------

මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

October 2, 2025   01:35 pm

ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

------------------------------

මහින්දගේ PSO අල්ලස් කොමිසමට

October 2, 2025   01:25 pm

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.