හයිකෝප් නඩුව - ෆොන්සේකාගේ නිදහස ගැන තීන්දුව පෙබරවාරි 28 දා
January 20, 2012 10:47 am
හයිකෝප් මූල්‍ය වංචා නඩුවෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්නේද නැද්ද යන තීන්දුව ප්‍රකාශ කිරීම කොළඹ මහාධිකරණය විසින් අද(20) කල්දමා තිබේ.
අදාළ තීන්දුව පෙබරවාරි මස 28 වන දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත් මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අදාළ තීන්දුව දැනටමත් සූදානම් කර නොමැති නිසා එය ප්‍රකාශ කිරීම පෙබරවාරි මස 28 දක්වා කල්තබන බවය.
යුද හමුදාවට ආම්පන්න මිලදීගැනීමේ දී මූල්‍ය අක්‍රමිකතාවක නිරත වූ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තියේ නීතිඥවරුන් මූලික විරෝධතාවයක් මතුකරමින් මෙම චෝදනාවලට දෙවන යුද අධිකරණය මගින් සරත් ෆොන්සේකා මහතාට මාස 30 ක සිර දඬුවමක් නියම කර ඇති නිසා එම චෝදනා නැවතත් මහාධිකරණය හමුවේ විභාග කළ නොහැකි බවට තර්කයක් මතුකර තිබිණි.
එම තර්කය විභාග කළ කොළඹ මහාධිකරණය ඒ අනුව සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්නේද නැද්ද යන තීන්දුව ප්‍රකාශ කිරීම කල්දමා තිබේ.