රන්දෙණිගල බස් අනතුරක් - 12ක් රෝහලට

රන්දෙණිගල බස් අනතුරක් - 12ක් රෝහලට

September 29, 2025   08:36 pm

රන්දෙණිගල 36 වන සහ 37 වන කණුව අතර දී කීර්තිබණ්ඩාරපුර සිට මහියංගනය දක්වා ධාවනය වූ ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

අද (29) රාත්‍රීයේ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් සමග මෙම අනතුර සිදුව ඇත.

බස් රථය මාර්ගයේ තිබු ගල් වැටියක ගැටී අනතුරට ලක්ව ඇති අතර, බසයෙ හි සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා කැන්දකැටිය රෝහලට ඇතුළත් කර තිබේ.