සිංගිමලේ ජලාශයට බිලි වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි

සිංගිමලේ ජලාශයට බිලි වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි

July 9, 2025   05:15 pm

හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර අද (9) පස්වරුවේ ගොඩට ගත්තේය.

රංගල නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් විසින් එම ජලාශයේ ගැඹුරු ස්ථානයක තිබී මෙම සිරුර සොයාගනු ලැබීය.

මෙසේ ගොඩගනු ලැබුවේ කොටගල ප්‍රදේශයේ පාසලක 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙක්ය.

මියගිය සිසුවා තවත් මිතුරන් 6 දෙනෙකු සමග ඊයේ (8) පස්වරුවේ සිංගිමලේ ජලාශයට ඉහළින් වූ සිංගිමලේ රක්ෂිතයට ඇතුළු වී ඡායාරූප රැගෙන, ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිට තිබේ.

එහිදී ඔහු ජලාශයේ වතුරෙන් පය සේදීමට උත්සහ කිරිමේදී ජලාශයට ඇදවැටී අතුරුදහන්වී සිටියේය.