හිටපු ඇමති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්ට ‍වෙඩි

හිටපු ඇමති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්ට ‍වෙඩි

July 3, 2025   11:02 am

කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර මහතා බව පොලීසිය පවසයි.

අද (03) උදෑසන කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතැබීමක් සිදුව ඇත.

අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කර ඇති බවය.