උසාවිය මඟහරින්නේ නම් දේශබන්දුගේ දේපොළ තහනම්?
March 9, 2025 11:57 am
ධුරයේ රාජකාරී කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් අධිකරණයට ඉදිරිපත් නොවී සිටින්නේනම්, ඔහුගේ චංචල හා නිශ්චල දේපොළ පවරා ගැනීමට හැකියාව පවතින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා අද (09) පෙන්වා දුන්නේ, වත්මන් වැඩබලන පොලිස්පතිවරයා නිකුත්කර ඇති චක්‍රලේඛයක් අනුව එලෙස ක්‍රියාකළ හැකි බවය.
2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර අදට දින 11කි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් යොදවා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර සහ ගිරිඋල්ල නිවෙස් පරීක්ෂා කළද මේ දක්වා ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී නැහැ.
මෙවන් පසුබිමක, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා මෝදර අද පැවති උත්සවයකදී පැවසුවේ, දේශබන්දු තෙන්නකෝන් මහතා උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට හැකියාව පවතින බවය.