හයිකෝප් නඩුව පවත්වාගෙන යාම -තීරණය ජනවාරි 20 දා
December 12, 2011 02:52 pm
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි හයිකෝප් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වූ නඩු විභාගය තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න තීරණය කිරීමට මහාධිකරණය දින නියම කර තිබේ.
ඒ අනුව ලබන ජනවාරී මස 20 වැනිදා ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.
අදාළ නඩුව අද(12) දිනයේ කැඳවූ අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා විසින් නඩුවට අදාළ මූලික විරෝධතා පිළිබඳ දේශන අවසන් කර තිබේ.
විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට එරෙහිව හයිකෝප් මූල්‍ය වංචා නඩුව පවත්වාගෙන යාමට නීතියෙන් බලය පවතින බව එහිදී නීතිපතිවරයා සඳහන් කර තිබිණි.
එහෙත් හයිකෝප් මූල්‍ය වංචාව සම්බන්ධව දෙවන යුද අධිකරණය මගින් සරත් ෆොන්සේකා මහතාට මාස 30 ක සිර දඬුවමක් ලබා දී ඇති නිසා එම නඩුව පවත්වාගෙන යාමට නීතියෙන් බලයක් නොමැති බව විත්තියේ නීතිඥවරුන් අධිකරණය හමුවෙහි කරුණු දක්වමින් සඳහන් කළේය.
එම සියලු කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය ජනවාරි මස 20 වන දින ප්‍රකාශ කරන බව ප්‍රකාශ කළේය.