ලොහාන් රත්වත්තේ සාමාන්‍ය වාට්ටුවකට
November 3, 2024 06:27 pm
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (E.T.U) ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එම ඒකකයෙන් ඉවත්කර කොළඹ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සැකකාර ලොහාන් රත්වත්තේ මහතා ජාතික රෝහලට ඇතුළත් කළ බවය.
ඔහු බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අතර ඊයේ රාත්‍රී කාලයේදී ඇති වු සංකූලතාවයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය (E.T.U) වෙත ඇතුළු කර ඇත.
හදිසි ප්‍රතිකාර ඒකකයේ (E.T.U) වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් අනතුරුව ඔහුව මෙලෙස නේවාසික ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමුකර තිබේ.
ඒ අනුව මේ වනවිට සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.
නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව පසුගිය 31 වනදා අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නිර්දේශ කිරීම හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතාව පසුව බන්ධනාගාර රෝහල වෙත යොමුකිරීමෙ පියවර ගෙන තිබුණි.