නාමල් වෙනුවෙන් සාගර ඇප තියයි

නාමල් වෙනුවෙන් සාගර ඇප තියයි

August 14, 2024   09:01 am

2024 ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ.

ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

"සුබ මොහොතින් ඇප මුදල් තැන්පත් කරලා ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් ඉදිරියට තැබුවා. සැප්තැම්බර් 22 වෙද්දි 9 වැනි ජනාධිපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන්න අවශ්‍ය ගමන යනවා. හෙට නාමයෝජනා භාරදුන්න වහාම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරනවා."

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන බව පසුගිය 07 වනදා නිවේදනය කළේය.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඒ බව නිවේදනය කර තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට එළැඹෙන ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙතැයි ආරම්භයේදී අපේක්ෂා කෙරිණි.

නමුත් එම පක්ෂයේ කිහිපදෙනෙකුගේ ස්ථාවරය වූයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බවයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසා සිටියේ පක්ෂය තමාට අපේක්ෂකත්වය ලබා දෙන්නේ නම් ඔහු එය භාරගැනීමට සූදානම් බවයි.

නමුත් ඒ මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව දන්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලිපියක් යොමුකර ඇති බව අගෝස්තු 06 වනදා වාර්තා වුණි.