ඉන්දු - ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය සිකුරාදා සිට

ඉන්දු - ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය සිකුරාදා සිට

August 13, 2024   08:10 am

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා (16) දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පුද්ගලික සමාගමක් විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ අවස්ථාව ද ලබාදී තිබේ.

ඊයේ (12) දිනයේ සිට මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බව අදාළ සමාගම දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම මගී යාත්‍රා සේවය මීට පෙර මැයි මස 13 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද විවිධ හේතු නිසා එය කල්දමනු ලැබීය.