මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්

මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්

July 2, 2024   10:48 am

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව අප වාර්තාකරු පැවසීය.

එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබේ.

මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වෙයි.

මේ අතර මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි 16 වනදා දක්වා කල්දමා තිබේ.