කළුතර බිල්ලේ සම්පූර්ණ විස්තරේ
May 21, 2024 06:59 am
කළුතර, කටුකුරුන්ද ප්රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඔහුගේ 08 හැවිරිදි දියණිය තුවා ලබා තිබේ.
ඊයේ (20) රාත්රී කටුකුරුන්ද දුම්රිය පොළ පාර ප්රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් නිවසකට ඇතුළු වී එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.
මියගොස් ඇත්තේ 39 හැවිරිදි කටුකුරුන්ද ප්රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙකි.
අදාළ පුද්ගලයා සිය නිවසේ දරු තිදෙනා සමඟ රාත්රි ආහාරය ලබා ගනිමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එලෙස වෙඩිතබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
ටී - 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන්ය.
මේ අතර ඇල්ල, වෙදර්විල් වත්ත ප්රදේශයේදී පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු දෙමෝදර රෝහලට ඇතුළත් කරන අවස්ථායේදී මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, ඇල්ල ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු හා අසල්වැසියන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.