තවත් මනුෂ්‍ය ඝාතනයක්

තවත් මනුෂ්‍ය ඝාතනයක්

May 7, 2024   07:18 am

ආරවුලක් දුරදිග යාමෙන් ප්‍රකෝප වූ බෑනා විසින් උදැල්ලකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබේ.

ඊයේ (06) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, කල්නාට්කුලම්, සිදම්බරම්පුරම් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ලයෙකි.

මරණකරු බිරිඳගෙන් වෙන්වී තනිවම ජීවත් වී ඇති අතර මරණකරු හා බෑනනුවන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ප්‍රකෝප වූ බෑණා විසින් මරණකරුට උදැල්ලකින් හා ඔහුගේ මිතුරා ආරක්ෂක හිස්වැසුමකින්ද පහරදී ඝාතනය සිදුකර ඇත.

පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමකින් පසු මියගොස් ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 22 හා 24 යන වයස්වල පසු වන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදම්බරම්පුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.