ඊශ්‍රායලය වෙනුවෙන් පෙරට ආ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව

ඊශ්‍රායලය වෙනුවෙන් පෙරට ආ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව

April 14, 2024   05:05 pm

ඉරානයේ සිට ඊශ්‍රායලයට එල්ල කරන ඩ්‍රෝන යානා බිමහෙළීම සඳහා බ්‍රිතාන්‍ය ප්‍රහාරක ජෙට් යානා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් ජෙට් යානා මෙලෙස යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අදාළ ගුවන් කලාපය තුළ ආරක්ෂාව සඳහා එම ජෙට් යානා යොදවා ඇති බව බ්‍රිතාන්‍ය රජකීය හමුදාව නිවේදනය කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් ඉරානය විසින් සිදුකළ ප්‍රහාර හෙළාදැක ඇති අතර ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ඉදිරියටත් පෙනී සිටින බව සඳහන් කර ඇත.

ඉරානය විසින් ඊයේ (13) සහ අද (14) අලුයම් කාලයේ දී ඊශ්‍රායලයට ගුවන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර තිබුණි.