පුද්ගලයෙකුට මරු කැඳවූ මත්පැන් සාදයේ ගැටුම

පුද්ගලයෙකුට මරු කැඳවූ මත්පැන් සාදයේ ගැටුම

April 14, 2024   04:47 pm

බළන්ගොඩ පෙට්ටිගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි වියේ පසුවූ වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙකි.

පොලීසිය පවසන්නේ මත්පැන් සාදයක් අතරතුරදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවය.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බළන්ගොඩ පොලීසිය විසින් ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.