ජපානයේ ජනගහන යළිත් පහළට

ජපානයේ ජනගහන යළිත් පහළට

April 13, 2024   03:00 pm

ජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටී තිබේ.

පසුගිය වසරට සාපේක්ෂව එය සියයට බින්දුවයි දශම 4යි 8කින් පහත වැටී ඇති බව වාර්තා වෙයි.

ජපානයේ ජනගහනය මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව 13 වරටය.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් විය.

මේ අතර ජපානයේ තනිව ජීවත්වන වැඩිහිටි ජනගහනය 2050 වන විට සියයට 47ක් දක්වා ඉහළ යනු ඇති බවට එරට පරීක්ෂණ ආයතනයක් නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දී තිබේ.