කලක සිට පැවති ආරවුල ජීවිතයක් අහිමි කරයි

කලක සිට පැවති ආරවුල ජීවිතයක් අහිමි කරයි

April 13, 2024   09:14 am

මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී තියුනු ආයුධයකින් පහර දිමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ කලක සිට පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික විමර්ශන වලදි අනාවරණ වී ඇති බවය.

පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 28 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.