ගුවන් හමුදා භටපිරිස් අඩුකරන්න තීරණයක්

ගුවන් හමුදා භටපිරිස් අඩුකරන්න තීරණයක්

April 11, 2024   09:55 am

තාක්ෂණයට මුල්තැන දෙමින් ගුවන් භට පිරිස 35,000 සිට 18,000 දක්වා අඩු කරන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ගුවන් හමුදා මූලස්ථානයේ ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ගුවන් හමුදාපතිවරයා,
 
"අද මොබයිල් ෆෝන් එක රු ලක්ෂයයි නම් තව මාස 6ක් යද්දි ඒකම රු 50,000ක් වෙනවා. ඒ වගේ තමා මේ තාක්ෂණය කියන එක ඉදිරියට යන්න යන්න ගානත් අඩුවෙනවා. ඒ අපි හැමෝටම ගන්න පුළුවන් තාක්ෂණය යොදාගන්න ඕනේ. CCTV කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. AI තාක්ෂණය අලුත් දෙයක් නෙමෙයි. අපි දැනට තියෙන තාක්ෂණය යොදාගෙන අපිට පුළුවන් භට පිරිස් අඩුකරන්න. උදාහරණයක් විදියට අපේ එක එයාර්බේස් එකක් කිලෝමීටර් ගණනාවක් සමහරවිට. කිලෝමීටර් 10ක් වගේ වුණොත් අපි භටයින් කී දෙනෙක් නවත්වන්න ඕනේ ද? ඒවට අපිට කැමරා වගේ දේවල් යොදාගෙන, තොරතුරු තාක්ෂණය යොදාගෙන හා ඩ්‍රෝන තාක්ෂණය යොදාගන්න පුළුවන්. ඉස්සර එක භටයෙක් ඉදිරි බලාගෙන ඉන්නවා යම් සීමාවක. නමුත් අපිට ඩ්‍රෝන යානාවක් යොදාගෙන කිලෝමීටර් 5ක් විතර බලාගන්න පූළුවන් එකවර. බොහෝම සරල තාක්ෂණයක් යොදාගෙන අපේ භටපිරිස් ප්‍රමාණය අඩුකරන්න තමා අපි බලන්නේ. ඒ වගේම අපි තාක්ෂණයෙන් ඉදිරියට යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ දවස්වල අපි 35,000ක හමුදාවකින් දුන්න මෙහෙයුම් සාක්ෂරතාවය අපි බලාපොරොත්තු වෙනවා 18,000ක් වගේ පිරිසක් යොදාගෙන ඊට වඩා ඉදිරියට ගිය මෙහෙයුම් සාක්ෂරතාවයක් සිදුකරන්න."