ප්‍රශ්න 3ක් මැද දකුණු කොරියාව මහමැතිවරණය ට

ප්‍රශ්න 3ක් මැද දකුණු කොරියාව මහමැතිවරණය ට

April 10, 2024   10:43 am

දකුණු කොරියාවේ මහමැතිවරණය ආරම්භ වී තිබේ. මෙම මැතිවරණය එරට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන ජනමතවිචාරණයක් ලෙසද සැලකිය හැකි බව විචාරකයෝ පවසති.
 
ජනාධිපති Yoon Suk Yeolට සිය ධුර කාලය නිම කිරීමට තවත් වසර තුනක් තිබේ.

නමුත් ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එරට පාර්ලිමේන්තු බලය උසුලන බැවින් ජනාධිපතිවරයාගේ පක්ෂය වන People Power පක්ෂයට සිය වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම අපහසුවී ඇති බව සඳහන් ය.

නමුත් මෙම මැතිවරණ ප්‍රතිඵලය කිසිදු ප්‍රධාන පක්ෂයකට යහපත් වෙතැයි අනුමාන කළ නොහැකි බව මැතිවරණ විචාරකයින් පෙන්වා දෙයි.

මේ වන විට දකුණු කොරියාව ප්‍රධාන වශයෙන් ගැටලු 3කට මුහුණදෙයි. වේගයෙන් ඉහළ යන ආහාර මිල, වැඩිහිටි ජනගහනය වර්ධනය වීම සහ වෛද්‍ය වර්ජනය එම ගැටලු 3 වෙයි.

මේ හේතුවෙන් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය හීනවී ඇති බව සඳහන් ය.