ගිනිකෙළි භාවිතය පරිස්සමින්

ගිනිකෙළි භාවිතය පරිස්සමින්

April 10, 2024   07:24 am

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

උත්සව සමයේ හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේ අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බවට සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබේ.

එම අවස්ථාවට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ  විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග මහතා පැවසුවේ, ත්‍රීරෝද රථ අනතුරු හා යතුරුපැදි අනතුරුවලින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් 100%ක් මෙතෙක් සුවය ලබා නොමැති බවය.

මෙරට සිදුවන මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් අධිවේගී මාර්ගවලින් පිටත සිදුවීම හේතුවෙන් රියදුරන් අවධානයෙන් කටයුතු කළ යුතු බව ද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග මහතා පැවසුවේය.