මේ දවස්වල පරිස්සමින් ඉන්න

මේ දවස්වල පරිස්සමින් ඉන්න

April 9, 2024   06:48 am

කිරිබත්ගොඩ, හුණුපිටිය ප්‍රදේශයේ ගරාජයක තිබී කාබයිට් ටැංකියක් පුපුරා යාම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (08) උදෑසන එම සිදුවීම වාර්තාවූ බව පොලීසිය පවසයි.

එම අනතුරින් මියගොස් ඇත්තේ,  දෙවලගම, දෙකටන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර, කොටුව පොලිස් වසමේ චැතැම් විදියේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක 04 වන මහලේ උළුවහු ජනේලයක් ගැලවී මාර්ගයේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පදිකයකුගේ ඇඟට වැටී තිබිණි.

පදිකයා එම අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිව පවසයි.

තුවාලකරු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.