රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් වැටුප හෙට සිට ගෙවීමට පියවර

රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් වැටුප හෙට සිට ගෙවීමට පියවර

April 7, 2024   04:20 pm

රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප හෙට (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (07) කෑගල්ලේ දී පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

"වැඩි වුණ රුපියල් 10,000 සමගින් හෙට 08 සිට ආයතනවලට මුදල් නිදහස් කරන්න සුදානම් කරගෙන තියෙනවා. රුපියල් බිලියන 107ක්. වැඩි වුණු මුදල විතරක් රුපියල් බිලියන 13කට ආසන්නයි." 

"අප්‍රේල් 21 වනදා රටටම එක සැරේ... පවුල් 28 ලක්ෂයකටම සහල් කිලෝ 10 බැගින් ලබාදෙනවා. දේශීය කර්මාන්තකරුවාගෙන් මේක මිලදී ගන්නේ."