Derana 60 Plus Season 05 කිරුළ රංජිත් රත්නායකට

Derana 60 Plus Season 05 කිරුළ රංජිත් රත්නායකට

March 31, 2024   11:01 pm

ගායන හැකියාවෙන් පිරිපුන් මෙරට ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පැවැත්වෙන Derana 60 Plus Season 05 අවසන් මහා තරගයේ කිරුළ හිමි කර ගැනීමට රංජිත් රත්නායක මහතා සමත්විය.

Derana 60 Plus Season 05 අවසන් මහා තරගය අද (31) රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

එහිදී අවසන් මහා තරගයේ දෙවන ස්ථානය සුනිමල් පීරිස් මහතා විසින් ජයග්‍රහණය කළේය.

Derana 60 Plus Season 05 අවසන් මහා තරගයේ තෙවන ස්ථානය හිමි කර ගත්තේ ධනවර්ධන ගාල්ලගේ මහතා විසිනි.

මේ අතර අවසන් මහා තරගයේ ජනප්‍රියම ගායන තරුව ලෙස සමන්මලී ගීකියනගේ මහත්මිය තේරී පත්විය.

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ගායන කුසලතා ප්‍රදර්ශනයට වේදිකාවක් නිර්මාණය කරමින් මෙරට මාධ්‍ය ආයතනයක් සංවිධානය කළ පළමු රියැලටි අද්දැකීම Derana 60 Plus තරගාවලියයි.