මාළු දැලේ පැටලී තරුණයෙක් මරුට

මාළු දැලේ පැටලී තරුණයෙක් මරුට

March 26, 2024   06:49 am

වාලච්චේන, පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු ඔහු විසින්ම භාවිත කළ මාළු දැලක පැටලී මියගොස් තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ (25) සවස් කාලයේදී මරණකරුගේ පියා විසින් වාලච්චේන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

එසේ මියගොස් අත්තේ, මයිලතැන්න, පුනානි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

මරණකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් රැකියාවක් නොමැතිව නිවසේ පසුවන අතර ඔහු විසින් මාළු දැලක් රැගෙන පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශනවලදී ඇති බව අනාවරණය වී ඇත.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා වාලච්චේන රෝහලේ නැත්පත් කර ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.