විශේෂ මෙහෙයුමෙන් කොටු කරගත් පාතාල සාමාජිකයෝ

විශේෂ මෙහෙයුමෙන් කොටු කරගත් පාතාල සාමාජිකයෝ

March 20, 2024   10:38 am

අපරාධ කල්ලි සාමාජිකයින් මැඩලීමේ විශේෂ මෙහෙයුමට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19) රාත්‍රී සිදුකළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙසෙල්වත්ත දිනුක යන අයගේ සමීපතමයෙකු බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම කංජිපාන ඉම්රාන්ගේ අපරාධ කල්ලියේ සාමාජිකයෙකු වන අහමඩ් ජිෆ්රි අහමඩ් රිස්වාන් නොහොත් 'ගෝඩා රිස්වාන්' යන සැකකරු ද හෙරොයින් මිලිග්‍රෑම් 6,400ක් සමග මාළිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඊට අමතරව කජිමා වත්ත ක්‍රීඩාංගණය අසලදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,620ක් සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පූකුඩිකන්නාගේ ගෝලයකු වන මුණවිර අරච්චිලගේ සුසන්ත නැමැති සැකකරුවෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.