රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන්

රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන්

March 19, 2024   10:11 pm

අතිකාල සහ දිරිදීමනා ගෙවීම් ලබා ගැනීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රේගු නිලධාරීන් ආරම්භ කළ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබුණි.

ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ ඒ අනුව රේගුවේ කටයුතු අද උදෑසන සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවය.

මේ හේතුවෙන් භාණ්ඩ නිෂ්කාශන කටයුතු වලට බාධා එල්ල වූ අතර බහාලුම් 4500ක් පමණ නිෂ්කාශන කටයුතු සිදුකිරීමට නොහැකිව කොළඹ වරායේ සිරවී තිබුණි